Author: Paththare Digital
-
දින 05ක් බාර් වසා දමයි – දින ගැනත් දැනුම් දෙයි.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. මේ අතර බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වනදා ද මත්පැන්හල් වසා තැබෙනු ඇති.එමෙන්න මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යෙදෙන මැයි මස 22, 23 සහ 24 යන තෙදින තුළ ද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි
-
ඉන්ධන පරිභෝජනය වාර්තාගත අඩු වීමක්.
මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය ඉන්ධන පරිභෝජනය අඩු වීමට එක් හේතුවක් බවය. කිසිදු හිඟයකින් තොරව සියලුම ඉන්ධන රට තුළ පවතින බව ද ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
-
සතිපතා වෙනස් වෙන ආහාර මිල, පාරිභෝගිකයින් අතට.
ආහාර ද්‍රව්‍ය අලෙවි කළයුතු මිල දැක්වෙන ඇස්තමේන්තුගත මිල පරාසයක් සතිපතා නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇත. මෙහිදී එම අධිකාරිය විසින් ආනයනික රතු ලූනු සහ ලොකු ලූනු සඳහා ඇස්තමේන්තුගත මිල පරාසයක් නිකුත් කිරීමට පසුගිය දිනවල කටයුතු කළේය. මෙහිදී ආනයනික ලොකු ලූනු කිලෝවක් රුපියල් 278ත් 306ත් අතර මිලකටත්, ආනයනික රතු ලූනු කිලෝවක් රුපියල් 384ත්…
-
සියලුම ජනතාවට පොලිස්සියෙන් විශේෂ නිවේදනයක්
අවුරුදු සාමය වෙනුවෙන් පොලිස්සිය විසින් විශේෂ නිවේදනයක් සිදු කරනු ලැබුවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශය නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කල දැනුම් දීම පහත වීඩියෝව තුලින් නරඹන්න.
-
කොදෙව් ක්‍රිකට් ගොඩ ගන්න ලංකාවෙන් යන පුහුණුකරුවා
හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා. මීට පෙර ඔහු නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙස ද කටයුතු කර තිබුණා. රමේෂ් සුබසිංහ ICC තුන්වන මට්ටමේ පුහුණුකරුවකු ලෙස ද සිය සුදුසුකම් සම්පූර්ණ කර තිබෙනවා.…
-
ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිරිදි පාසල් සිසුවිය.
2024 ලෝකයේ බිලියනපතියන්ගේ ලැයිස්තුව ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව විසින් එළිදක්වා තිබෙනවා. එම ලැයිස්තුවේ, ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිදිරි පාසල් සිසුවියක ද වන ලිවියා වොයිට් ලොව ළාබාලතම බිලියනපතියා බවට පත්ව තිබෙනවා. බ්‍රසීල ජාතික යුවතියක වන ලිවියා වොයිට්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.1 කි. WEG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ඇය කොටස්කාරියන වන බැවින් ඇයට මෙසේ ඩොලර් බිලියන…
-
පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්.
උත්සව කාලසීමාව තුළ ව්‍යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්‍යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මේ දිනවල ජනතාව විශාල වශයෙන් විවිධ භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින අතර එහිදී විවිධ ජාවාරම්කරුවන් පිළිබඳව ජනතාව කල්පනාකාරී වියයුතු බව පොලීසිය සඳහන් කළේය. මේ අතර උත්සව සමය තුළ විනෝද…
-
ලෝක ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවත් සොලවමින් පැමිණි භූකම්පනය
අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල වුණා… එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුවූ එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසු කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය…
-
සිම්බාබ්වේ රාජ්‍ය නව මුදල් ඒකකයක් හඳුන්වාදෙයි.
සිම්බාබ්වේ රාජ්‍ය නව මුදල් ඒකකයක් හඳුන්වාදී තිබෙනවා. සිම්බාබ්වේ ගෝල්ඩ් යනුවෙනුයි නව මුදල් ඒකකය නම්කර ඇත්තේ. ප සුගිය වසර 25ක කාලය පුරා ඇද වැටුණු සිම්බාබ්වේ ආර්ථිකය ස්ථාවර කිරිමේ අරමුණෙන් මෙම පියවර ගෙන තිබෙනවා. නව මුදල් නෝට්ටු එළිදක්වමින් එරට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව මුදල් ඒකකය ව්‍යුහගතකර වෙළෙඳපොළ තීරණය කරන ලද විනිමය අනුපාතිකයකට අනුව සකස් කරන බවයි.
-
කාසල් රෝහලේ ප්‍රසූත කාමරය පියවරුන්ටත් විවෘතයි.
කාසල් රෝහලේ දරු ප්‍රසූතියකදී ප්‍රසූත කාමරය තුළ පියවරුන්ටත් රැඳීසිටීමට අවසර ලබාදී තිබෙනවා. තම දරුවාගේ උපතේදී පියවරුන්ට ප්‍රසූත කාමරය තුළ සිටීමට ඉඩ සැලසීමේ නව වැඩපිළිවෙළක් රෝහල තුළ ක්‍රියාත්මක කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම පියා ප්‍රසූත කාමරයේ තබාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ පළමු රජයේ රෝහල කාසල් විදියේ කාන්තා රෝහල…
