Home Blog Page 21

ව්‍යාජ මැණිකක් විකුණන්න ගිය දෙදෙනෙකුට සිදුවූ දේ.

අධික වටිනාකමකින් යුත් මැණික් ගලක් බවට අඟවමින් ව්‍යාජ පාෂාණයක් අලෙවිකිරීමට සූදානම් වු පුද්ගලයින් දෙදෙනෙකු ආණමඩුව පොලීසිය විසින් ඊයේ (23) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා ආණමඩුව නගරයේ ව්‍යාපාරීකයෙකුට එම පාශානය රුපියල් කෝටියක විකිණීමට උත්සාහ දරා තිබුණි.

ඒ සම්බන්ධයෙන් සැකසිතු අදාළ ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පරමාකන්ද ගම්මානයේ පදිංචි අවුරුදු 34 හා 38 හැවිරිදි විවිධ ජාවාරම්වලට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකි.

ව්‍යාපාරිකයාට පැමිණෙන ලෙස දන්වා තිබු ස්ථාන කිහිපයක් මඟ හරිමින් පසුව නවගත්තේගම මාර්ගයේ තෙන්නන්කුරියාව ප්‍රදේශයෙදී අදාළ මැණික් ගල පෙන්වා මුදල් පැහැර ගැනිමට සැරසිමත් සමගම ආසන්නයේ සිටි පොලිස් නිලධාරින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ආණමඩුව අධිකරණටය ඉදිරිපත් කිරීමට නියමිතය.

වසර හතරට වෛද්‍යවරු 1700ක් රට හැර ගිහින්.

වෛද්‍ය හා සිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගන්නා ලද නවතම දත්ත වලට අනුව පසුගිය වසර හතරක කාල සීමාවේදී වෛද්‍යවරුන් රට හැම වේගවත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

2000 වසරේදී වෛද්‍යවරු සීයකට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති අතර පසුගිය වසරේදී මෙම සංඛ්‍යාව අටසීයකට ආසන්න වී ඇත.

මේ අනුව වෛද්‍යවරු රට හැර යෑම වේගවත් වී ඇති අතර ඇතැම් වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට එකතුවීමෙන් අනතුරුව රට හැර යන අතර නවතම ප්‍රවණතාවය නම් වෛද්‍ය පිට අවසාන විභාගය සමත්වන වෛද්‍යවරු රාජ්‍ය සේවයට එකතු නොවී රට හැර යාමයි.

සමාජ දේශපාලන ආර්ථික ක්‍රමය කෙරෙහි විශ්වාසයක් නොමැති වීම මෙයට ප්‍රධාන හේතුවක් වන අතර තම දරුවන්ගේ අධ්‍යාපන හා සමාජ සුභසාධක සේවා කෙරෙහි විශ්වාසයක් නොමැති වීමද තවත් හේතුවක් බවට පත්ව ඇත.

විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රතිඵලයක් ලෙස ඉතා ඉක්මනින්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා ප්‍රජා සෞඛ්‍ය සේවා පද්ධති කඩා වැටීමත් බොහෝ දුෂ්කර දිස්ත්‍රික්කවල නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට දුෂ්කරතාවන්ට පත්වීමත් ඉහළ ගොස් ඇති බව සඳහන් කරයි.

කඩනමින් මේ තත්ත්වය විසඳීමට රාජය අවධානය යොමු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් සාමාන්‍ය මහජනතාව සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී අතිවිශාල දුෂ්කරතාවයන්ට හා පෞද්ගලික අංශයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී විශාල පිරිවැයකට මුහුණ දීමට සිදුවන බවද ඔහු සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරු රට හැර යාම රාජ්‍ය සේවයට පමණක් නොව පෞද්ගලික රෝහල්වලටද බලපාන බව වැඩිදුරටත් ඔහු පෙන්වා දෙයි.

දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයේ ජය දකුණු අප්‍රිකාවට හිමි වුණා..

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 135ක් රැස්කළ අතර රෝස්ටන් චේස් පන්දු 42කදී ලකුණු 52ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකානු ඉනිමේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාවට ඕවර 17කදී ලකුණු 123ක් ලබාගැනීමට සිදුවුණා.

එම ඉලක්කය පන්දුවාර 16.1කදී සපුරා ගනිමින් දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) පෙරවරු 7.00 දක්වා වලංගු වන බවයි.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 – 65 දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 – 55 දක්වා වැඩි විය හැකිය.

එසේම ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.  

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකය.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් එය ගොඩබිමට එන රළවල උස නොවන බවද සඳහන් ය.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ඕස්ට්‍රේලියාව අසරණ කරමින් ඇෆ්ගන් පිල තරගය ජයගනී.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 21කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 148ක් රැස්කර ගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුරුබාස් පන්දු 49කදී දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් ද සමග ලකුණු 60ක් රැස්කර ගත්තේය.

ඊබ්‍රාහිම් සඩ්රාන් පන්දු 48කදී රැස්කගත් ලකුණු සංඛ්‍යාව 50කි.

ඊට හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.

පන්දු යැවීමේදී පැට් කමින්ස් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 127ක් පමණී.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 59ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ගුල්බඩින් නබී කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

නවීන් උල් හක් දවා ගත් කඩුළු සංඛ්‍යාව 3කි.

මුහුද මැද සිදුකළ ඝා#තනයේ තොරතුරු හෙළිවේ.

බේරුවල ධීවර වරායේ සිට මුහුදු ගොස් සිටිය දී බහුදින ධීවර යාත්‍රාවක සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් වන සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

මෙම බහුදින ධීවර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ පසු ගිය 9 වනදා දහවල් කාලයේදීයි.

එහි සිටි එක් ධීවරයෙකු විසින් තවත් ධීවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සෙසු පිරිසට ද පහර දී ඇති බවට යාත්‍රාවේ ස්කීපර්වරයා කළ දැනුම් දීමක් මත බේරුවල පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සැකකරු 36 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මියගොස් ඇත්තේ 49 හැවිරිදි මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ධීවර යාත්‍රාවේ මියගිය ධීවරයාට අමතරව පැදවුම්කරු, සැකකරු සහ තවත් ධීවරයින් දෙදෙනෙකු සිට තිබෙනවා.

උප්පැන්නයක් නොමැති අයට හැඳුනුම්පතක් ලබාගැනීමට තවත් අවස්ථාවක්.

මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති උප්පැන්න සහතිකයක් නොමැති පුද්ගලයින් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කළේ මේ මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි.

මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබුණු බව ද ඔහු තවදුරටත් සඳහන් කළා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ප්‍රාදේශීය ලේකම්වරුන් එම කාලය දීර්ඝ කර දෙන ලෙසට කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබා දීමට කටයුතු කළ බවයි.