Home Blog Page 23

වව්නියාව ප්‍රදේශයට භූකම්පනයක්.

ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළා.

වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති අතර රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව වාර්තා වනවා.

පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල මෙය සටහන්ව තිබෙනවා.

පැය 48 ක් ඇතුළත අසාධ්‍යයි. මාංශපේෂීන් දිය කරන බැක්ටීරියාවක් ජපානයේ සීග්‍රයෙන් පැතිරේ.

මාංශපේෂීන් දිය කරන Streptococcal Toxic Shock Syndrome ආසාදනය වූ රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් ජපානයෙන් වාර්තා වී තිබෙනවා.

මෙම රෝගී තත්ත්වය ඉතා දුර්ලභ එකක් නමුත් පසුගිය වසරේ සිට එය ජපාන වැසියන් අතරේ වේගයෙන් පැතිරීමට පටන් ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ජපන් වෛද්‍යවරුන්ට අනුව, මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු උණ, සීතල ගතිය, මස්පිඬු වේදනාව, කැරකිල්ල සහ වමනය මූලික රෝග ලක්ෂණවනවා.

උගුරේ තුවාල, අවයව අක්‍රියවීම, සිරුර ඉදිමීම, අඩු රුධිර පීඩනය ආදී රෝග ලක්ෂය ඉන්පසුව ඇතිවනවා.

මෙම බැක්ටීරියාව ස්ට්‍රෙප්ටෝකොකල් කාණ්ඩයට අයත් වනවා.

බැක්ටීරියා පැතිරීම වයිරස මෙන් වේගවත් නොවන බවත්, මෙම බැක්ටීරියාවේ වේගවත් පැතිරීම ගැන අවදානයෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

පිරිසුදුකම පවත්වාගෙන යෑම, නිතර අත් සෝදා පිරිසුදු කිරීම, කැස්ස ඇතිවිට හෝ කිවිසුම් යද්දී නාසය සහ මුඛය ආවරණය කර ගැනීම ආදී හොඳ පුරුදු මගින් මෙම බැක්ටීරියාව ආසාදනය වීම වළක්වා ගැනීමට හැකියි.

මෙම බැක්ටීරියාවා ආසදනය වී පැය 48 ක් ඇතුළත රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වන අතර මරණ සම්භාවිතාව සියයට 30ක් වනවා.

වාහනය වැදී පිපිරුණ ජල නලයේ අලාභය මිලියන 15ක්.

ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ අලාභයක් සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සපවසනවා.

ජලය ලබාදීම අත්හිටුවීමට සිදු වීම නිසා ජල පාරිභෝගික පවුල් ඒකක ලක්ෂයකට වැඩි පිරිසකට අසීරුතාවයට පත් වීමට සිදු වී ඇති බවත් ඔවුන් පෙන්වා දුන්නා.

අදාල අනතුර නිසාවෙන් නල මාර්ගය පිළිසකර කිරීමට වැය වූ මිලියන 15 ක අලාභය අනතුර සිදුකළ මෝටර් රථයේ හිමිකරුගේ පෞද්ගලික මුදලින් හෝ මෝටර් රථයෙහි රක්ෂණ ආයතනයෙන් ලබා ගැනීම සදහා ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බවද ඔවුන් පෙන්වා දෙනවා.

නීතිපති ගැන අවසන් තීරණය අද.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතයි.

මේ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00 ට රැස්වනවා.

නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙර අවස්ථා දෙකකදී රැස්වුවද අවසන් තීරණයක් ගැනීමට නොහැකි වුණා.

ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31 වැනිදා තෙක් සේවා දීර්ඝයක් ලබාදීම සඳහායි.

නීතිපති රාජරත්නම් මහතාගේ සේවා කාලය ලබන 26 වැනිදායින් අවසන් වීමට නියමිතයි

ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි සූදානම් කරයි.

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසසයි.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත හෙයින් ඡන්ද පෙට්ටි මෙසේ සූදානම් කරන බවද ඔහු පවසයි.

ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු තිබේ නම් ඒවාද නොපමාව නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වන අතර ඡන්ද සඳහා භාවිතා කෙරුණු අබලන්වූ ඡන්ද පෙට්ටි රැසක් පවතින බවත් ඒවා රජයේ කර්මාන්තශාලාවට යවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවත් කොමිසම පවසයි.

මේ අතර මැතිවරණය ඉලක්ක කර නිලධාරී සංගණනයක්ද ළඟදීම පැවැත්වීමට කටයුතු කරන බව පැවසූ රත්නායක දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමගද ලබන සතියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය. 

මූලිකව දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයිද ඔහු පැවසුවේය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයක පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.

ජයග්‍රහණයකින් අවසානය සනිටුහන් කළ ශ්‍රී ලංකාව.

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වුණු ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 83කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 46(29)ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 17(20)ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 34(26)ක්ද, චරිත් අසලංක ලකුණු 46(21)ක්ද, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 30(15)ක්ද, නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 20(06) ක්ද, රැස් කිරීමට සමත් වුණා.

එමෙන්ම, පැතුම් නිස්සංක සහ දසුන් ශානක ලකුණු කිසිවක් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායමේ Logan van Beek කඩුලු 02ක්ද, Vivian Kingma, Paul van Meekeren, Aryan Dutt, Tim Pringle එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 202ක පිළිතුරු ඉනිමක් හඹා යාම සඳහා පිටියට පිවිසි නෙදර්ලන්තයට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ කඩුලු සියල්ල දැවී රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 118ක් පමණයි

පොසොන් පින්කම සඳහා “පිඬුසිඟා වඩින” ගිහි කළ රූ රැජින.

මෙවර පොසොන් පින්කම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන් සහ ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පිඬුසිඟා වැඩම කළ බව වාර්තා වනවා.

මෙවර පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බව පවසමින් මෙලෙස පිඩු සිඟා වැඩීම සිදුකර තිබුණා.

මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වූ ආචාර්ය එලිසබෙත් භික්ෂුණිය, පැවිදි දිවියට එළැඹීමට පෙර වියට්නාමයේ රෑ රැජිණ ලෙස සිව් වතාවක් කිරුළු දරා සිටියා.