Home Blog Page 27

පුතුගේ අකීකරුකම ඉවසාගත නොහැකි තැන, අහස පොළොව නුහුලන අපරාධයක් කළ මවක්.

ඉන්දියාවේ ත්‍රිපුර ෂෝකර් හි මවක්, සිය නව හැවිරිදි පුතුගේ ගෙල සිරකර මරණයට පත්කර තිබෙනවා.

ඉදිකිරීම් වැඩබිමක දෛනික කම්කරුවෙකු ලෙස සේවය කරන සුප්‍රභා බාල් නැමති මෙම කාන්තාව පාපොච්චාරණය කර ඇත්තේ, පුතුගේ “අකීකරුකම” නිසා තමා මෙවන් තීරණයක් ගත් බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව සුප්‍රභාගේ සැමියා අතුරුදන්ව ඇති අතර දියණිය විවාහකය. ඇය රැකියාව කරමින් පුතුව තනිවම ඇති දැඩි කරැති බව සඳහන්.

එලෙස තමා පුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වුවද ඔහුගේ නොමනා හැසිරීම් පාලනය කිරීමට නොහැකි වූ බවයි ඇය පවසන්නේ.

එවන් තත්ත්වයක් උඩ පුතුගේ “අකීකරු” හැසිරීම නිසා කලකිරුණු තමා ඔහුගේ ගෙල මිරිකා මරා දැමූ බවයි පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම පුත්‍රයා ඉගෙනීම ද නොසලකා හරිමින් මුදල් සොරකමේ පවා ගිය බව ඇය පවසා තිබෙනවා.

එයාකාර ඔහුගේ ක්‍රියාකලාපය තමාට රැකියාවට යාමට හෝ සාමකාමීව ජීවත්වීමට සිත් නොදුන් නිසාවෙන් මෙලෙස පුතුව මරා දැමීමට තීරණය කළ බවත්, ඒ වෙනුවෙන් තමා හිරේ යාමට වුවද සූදානම් බවයි සුප්‍රභා පාපොච්චාරණය කර ඇත්තේ.

කෙසේ නමුත් පොලිසිය නිවසට පැමිණෙන විටත් ඇය පුතුගේ සිරුර අසල වාඩි වී බලාගෙන සිටි බව සඳහන්.

ඝාතනය සඳහා යොදාගත් බව කියන ලණු කැබැල්ලක් සහ පොලු කැබැල්ලක් ද නිවසේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මුහුණු ආවරණය කරගෙන පැමිණ ඇඳ මත සිටි කාන්තාවක් මරලා.

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සිටින නිවසකට අද (11) අලුයම මුහුණු ආවරණය කරගෙන ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එක් සහෝදරියකට නිවසේ ඇඳ මතදි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හොරණ මීවනපලාන සිරිල්ටන් වත්ත පදිංචි උඩ කන්දගේ රමණී සකුන්තලා 58 හැවිරිදි කාන්තාවකි.

ඝාතනයට ලක් වූ කාන්තාව බංගලාදේශ ජාතිකයෙකු සමග විවාහ වී සිටින අතර ඔහු එරට පදිංචිව සිටින බවත් ඇය බාල සහෝදරිය සමඟ මෙම නිවසේ ගත කරන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඉංගිරිය හල්වතුර ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් වන බාල සහෝදරියද මීට සති තුනකට පමණ ඉහතදී මෙම නිවසට පැමිණි නවාතැන් ගෙන ඇති අතර පෙරේදා (10 ) රාත්‍රී ඔවුන් දෙදෙනා දොරවල් වසා නින්දට ගොස් ඇති බව නැගණියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

ලංකාවේ අංක එකේ ආයතනයක් වශයෙන් ලිට්රෝ  සමාගම එතෙක් මෙතෙක් කාලයක් තුළ ලබාගත් තත්ත්ව සහතික සහ ජාත්‍යන්තර සම්මාන.

වසර ගණනාවක් රාජ්‍ය ආයතනයකට ආයතනය පිළිබඳව පාරිභෝගිකයන් සතු ඒ විශ්වාසනීය හැඟීම රැක ගැනීම තරම් පහසු කාර්යයක් නොවේ.නමුත් වසර ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ලාභ ලබන රාජ්‍ය ආයතන අතරින් ප්‍රමුඛතම ආයතනය වන ලිට්රෝ  සමාගම ඒකී විශ්වාසය අදටත් සුරකින ආයතනයක්.

ලිට්රෝ  සමාගමේ දුරදක්නා දැක්ම ඒවගේම නිසි කලට වෙලාවට අවශ්‍ය කරන තීන්දු තීරණ ගැනීම සහ පාරිභෝගික ජනතාව වෙනුවෙන් පහසු ආකාරයෙන් මිල තීරණය වැනි තීන්දු තීරණ ගැනීම හේතුවෙන් ලිට්රෝ  සමාගම මෙරට පමණක් නොව ජාත්‍යන්තර සම්මාන සහ තත්ත්ව සහතික රැසකටත් උරුමකම් කියන්න සමත් වුණා.

ඔවුන් ලබාගත් සම්මාන සහ ජයග්‍රහණ පිළිබඳ කතා කරන විට ISO 14001,OHSAs 18001 යන ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් පිදුම් ලැබූ අතර ලිට්රෝ  සමාගමට එකී තත්ත්වය හිමි වුණේ නිෂ්පාදන වල ආරක්‍ෂාව සෞඛ්‍ය ආරක්ෂිත බව සහ ඵලදායී කළමනාකරණය යන තේමාවන් යටතේයි.

එමෙන්ම SLS 1672:2020 ප්‍රමිති සහතික වලින් පිදුම් ලැබීමටත් ලිට්රෝ සමාගම සමත් වුණා.එපමණක් නොවේ ලිට්රෝ  ගෑස් සමාගම විසින් නිෂ්පාදනවල පවත්වාගෙන යන සෞඛ්‍ය ආරක්ෂිත බව සහ ඉහළ ප්‍රමිතිය නිසා 2008 වසරේදී ISO 45001 තත්ත්ව සම්මානයෙන් පිදුම් ලබන්නටත් හැකියාව ලැබුණා.

මේ ඔවුන් ලැබූ ප්‍රමිති සම්මාන අතරින් කිහිපයක් පමණයි. ඊට අමතරව ලිට්රෝ  සමාගම සතුව විශාල සේවක මණ්ඩලයක් සේවය කරනවා.එම නිසාම ආසියාවේ වඩාත් ඵලදායී සහ ප්‍රධානතම එල්.පී ගෑස් ගබඩාව කෙළවර පිටිය ප්‍රදේශය පවත්වාගෙන යන අතර තවත් අලුත් මධ්‍යස්ථානයක් මාබිම ප්‍රදේශයේ ඉදි කරන ලදී.

ඒ වගේම ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථාන 37හතකට ආසන්න ප්‍රමාණයක් සහ ගෑස් බෙදා හරින සුළු මධ්‍යස්ථාන 1500 ක් ඒ වගේම ගෑස් අලෙවි මධ්‍යස්ථාන 11000ක් පමණ ලංකාව පුරා පිහිටුවා තිබෙනවා.එකී සංකීර්ණ මෙහෙයුම් ජාලාව ඇගයීමට පාත්‍ර කිරීම උදෙසා 2018 වසරේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඒ වෙනුවෙන් ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට ලිට්රෝ සමාගම සමත් වුණා.

ඊට අමතරව 2018 වසරේ විශිෂ්ටතා සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනාගත් ලිට්රෝ සමාගම 2018 වසරේදී නැෂනල් ග්‍රීන් සම්මානයෙනුත් පිදුම් ලැබුවා.

ඉහත සඳහන් වෙන්නේ සමාගමක් වශයෙන් ඉදිරියට යන විට ඔවුන් ලැබූ ජයග්‍රහණ වලින් ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි.ලාබ ලබන ආයතනයක් වශයෙන් නිරන්තරයෙන්ම ජනතාව වෙනුවෙන් කැපවෙන ඔවුන්ට තව තවත් ජයග්‍රහණ සහ සම්මාන ලබා ගැනීමට හැකි සුභ අනාගතයක් උදා වේවා කියා අපිත් ප්‍රාර්ථනායක කරන්නෙමු. 

මෝදි අසළ සිටි දිවියෙකු බව කි සත්ත්වයා පූසෙක් වූ හැටි.

ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම උත්සවයේ දී දී දකින්න ලැබුණු දිවියෙකු වැනි සතෙකු සිටින වීඩියෝවක් පිළිබඳව ඉන්දියාවේ කතාබහට ලක්වුණා.

භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිවුරුම්දීමෙන් අනතුරුව එම වීඩියෝව පටිගතවී තිබුණා..

සමාජ මාධ්‍ය පරිශීලකයෝ බොහෝ පිරිසක් ඒ දිවියෙක් විය හැකි බවට මත පළකළ අතර ඇතැම් පරිශීලකයන් ආරක්ෂක සුනඛයෙකු හෝ වෙනත් සුරතලෙකු විය හැකි බවට මතපළ කර තිබුණ අතර පසුව ආරක්ෂක අංශ සඳහන් කළේ දිවියෙකු බවට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් මතපළවන සත්ත්වයා පූසෙකු බවයි.

තවත් රාජ්‍ය නායකයෙක් ගමන්ගත් යානයක් අතුරුදන්.

Chilima

ඒ පිළිබඳව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මලාවි රාජ්‍යයේ ආරක්ෂක බළකායට අයත් ගුවන් යානය ඊයේ (10) උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත්ව ගිය පසුරේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගිය බව එම නිවේදනයේ සඳහන් වනවා.

අදාළ ගුවන් යානය ගොඩබෑමට නියමිතව තිබුණේ Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙතයි.

මලාවි රාජ්‍යයේ ජනාධිපති Lazarus Chakwera පැවසුවේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

සොල්දාදුවන් තවමත් භූමියේ සෝදිසි කිරීම් සිදුකරන අතර යානය සොයා ගන්නා තෙක් මෙහෙයුම දිගටම කරගෙන යා යුතු බවට ජනාධිපතිවරයා නියෝග දැඩි කර තිබෙනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ එය හදවත කම්පා කරවන දෙයක් බවයි.

මැති ඇමති වාහන සිහින ජනපති අතට.

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කතානායකවරයා පැවසුවේ ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 ක් ඇතුළත් වුණා.

කෙසේ වෙතත් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය ලබාගැනීමට සමගි ජන බලවේගය පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළා.

මෙම වාහන බලපත්‍රය පිළිබඳ කාරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී ඒ පිළිබඳ විරෝධය පළ කළ බවද ඔහු පැවසුවා.

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේද අනුමැතිය හිමිවුණා.