Home Blog Page 30

අපිට අසාධාරණයි,පිට්ටනිය ළග හෝටලයක් නෑ,උදේ 05 ට නැගිටින්නත් වෙනවා – තීක්ෂණ කියයි

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙවු දූපත්වල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අසාධාරණයක් සිදුවෙමින් ඇති බව කණ්ඩායමේ දඟපන්දු යවන ක‍්‍රීඩක මහීෂ් තීක්‍ෂණ සදහන් කරයි.

ඔහු පෙන්වා දී ඇත්තේ ඇතැම් කණ්ඩායම්වලට තරග පැවැත්වෙන පිටිය ආසන්නයේම නවාතැන් සලසා ඇතත් ශ්‍රී ලංකා කණ්ඩායමට පැයකුත් විනාඩි 40ක් පමණ කාලයක් ඒ සඳහා ගතවන බවයි.

ඒ අනුව තරඟයට සහභාගී වීමට නම් අලුයම පහට පමණ අවදි විය යුතු බවද පවසන ඔහු එවිට සෑම තරගයකින්ම අසාධාරණයක් වුවත් සඳහන් කර තිබේ.

‘සමහර කණ්ඩායම් එකම ස්ථානයේ නවතිනවා, ඔවුන්ට හෝටලය ඉදන් පිට්ටනියට එන්න යන්නේ විනාඩි 14 ක් පමණයි. අපිට පැයයි විනාඩි 40 ක් වගේ යනවා.

අපි මැච් එකට එන්න නම් පාන්දර 5ට විතර ඇහැරෙන්න ඕන. එතකොට හැම මැච් එකකින්ම පස්සෙ අපිට යන්න වෙනවා. අපිට අසාධාරණයි’

ජේතවනාරාමයේ අකුණු සන්නායක සොරකම පසුපස රියැලිටි තරගයක ජනප්‍රිය ගායකයෙක්.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් ප්‍රසිද්ධ ගායකයකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදීයි මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි 500කට පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිට ඇතැයි පොලිසිය කළ පරික්ෂණ වලදි හෙළිවි තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, පොළොන්නරුව කාලිංග ඇල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එම ගායකයා, කල් අඩිය පුත්තලම, මකුල් වැව, වැල්ලව, බඩල්ගම මීරිගම , යටි ගහගල, මහනුවර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23, 32, 35 සහ 56 වියේ පසු වන පුද්ගලයන් තිදෙනෙකු බවයි. පොලිසිය පවසන්නේ.

හංවැල්ලේ පාලම යටින් හමුවූ මිලියන 30 වස්තුව, නාවික හමුදාව විසින් ගොඩගනියි.

හංවැල්ල පාලම යට සිරවි තිබූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මිල අධික ජල මාපකයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

එය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැළණි ගඟේ ජල මට්ටම, වේගය සහ දිශාව වැනි දත්ත රැස් කිරීම සඳහා හංවැල්ල පාලම යට ජලයේ මතුපිට තබන ලබන ජල මාපකයෙහි GPS යන්ත්‍රයක් බවයි පැවසෙන්නේ.

ජලය සමග ගසාගෙන පැමිණි එය උණ පඳුරු සහ කැලිකසල තුළ පැටලී ප්‍රධාන යන්ත්‍ර‍යෙන් ගැලවී ගොස් ඇති අතර එම GPS යන්ත්‍රය සොයා ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය ලබා දෙන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නාවික හමුදාවෙන් ඉල්ලීමක්ද කර තිබුණා.

ඒ අනුව නාවික හමුදාව, බටහිර නාවික විධානයට අයත් විශේෂ කිමිදුම් කණ්ඩායමක් පසුගිය ජුනි 4 වැනි දින අළුයම කිමිදුම් සහය ලබා දීම සඳහා හංවැල්ල ප්‍රදේශයට යොමු කර ඇති අතර ඒ අනුව පවත්නා අධික වර්ශාව හමුවේ කැළණි ගඟේ ජලය පිටාර මට්ටමට පැමිණ ඇති අවධානම හමුවේ වුවද නාවික හමුදා කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරමින් කැලි කසළ තුල සිරවී තිබූ මෙම යන්ත්‍රය සොයාගෙන තිබෙනවා.

සොයාගත් යන්ත්‍රය පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් බවයි නාවික හමුදාව පැවසුවේ.

ගෑස් මිල අඩුවූ හැටි.

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, මාසික ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුවයි.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කරන බවයි මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 3,790ක්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි වත්මන් මිල රුපියල් 1525ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් මිල රුපියල් 28කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව එහි නව මිල රුපියල් 712ක්.

ගංවතුරේ විනෝද වූ 20කට විදුලි සැර වැදිලා.

ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් සෙසු පිරිස බේරි ඇතැයි බුලත්සිංහල පොලිසිය සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචි ලොකු සිංහාරච්චිගේ දමිත් කුමාර නැමැති තරුණයකු වන අතර එම තරුණයා ඊයේ (03) දින සවස විසි දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමග ගංවතුර සිරි නැරඹීමට බෝට්ටුවක ගමන් කර තිබෙනවා.

කණ්ඩායම ගමන් කළ බෝට්ටුව මියගිය තරුණයා විසින් පදවා ඇති අතර ඔහු රැගෙන ගිය ආධාරක කෝටුවක් ඉහළට ඔසවාගෙන ගමන් කිරීමේදී ඉහළින් තිබූ අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් එම තරුණයා ගංවතුරට ඇද වැටි තිබුණා.

බෝට්ටුව තුළ සිටි පිරිසටද විදුලි සැර වැදී බෝට්ටුව තුළම වැටී ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය කසඳහන් කළා.

උසස් පෙළ ‘A’ සමාර්ථ තුනක් ගත් දෑස නොපෙනෙන සිසුවිය.

කුරුණෑගල පිදුරුවැල්ල ප්‍රදේශයේ උපතින්ම දෘශ්‍යාබාධිත හිමාශා කාවින්දි හේරත් සිසුවිය 2023 වසරේ අපොස උසස් පෙළ විභාගයෙන් ඒ සමාර්ථ තුනක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වී තිබෙනවා.

ඇය අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිය යුත්තේ මේ වසරේ වුවත් පෞද්ගලික අයැදුම්කාරියක ලෙස පසුගිය වසරේ විභාගයට පෙනී සිටියා.

ආර්ථික විද්‍යාව, තර්ක ශාස්ත්‍රය සහ දේශපාලන විද්‍යාව යන විෂයයන්වලට ඇය ඒ සමාර්ථ තුනක් ලැබුවා.

කුරුණෑගල මහින්ද මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට 2021 වසරේ පෙනී සිටි හිමාසා සිසුවිය විෂයන් නවයටම ඒ සමාර්ථ ලබාගෙන තිබෙනවා.

තම ජයග්‍රහණය ගැන දෘශ්‍යාබාධිත සිසුවිය මෙසේ පැවැසුවා.

“අපොස උසස් පෙළ විභාගයට මට පෙනී සිටීමට නියමිතව තිබුණේ මේ වසරේදී. ඒත් මම පාසල් නොගොස් පාඩම් කරලා අවුරුද්දකට කලින් එම විභාගයට පෙනී සිටියා. කොතලාවල විද්‍යාලයේ ප්‍රියංගනී මිස්ගෙන් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ තිලෝචනී මිස්ගෙන් සහ විශ්‍රාමික ගුරුවරයකු වන අනිල් සර්ගෙන් අදාළ විෂයන් ඉගෙන ගත්තා. මගේ අම්මා පාසල් ගුරුවරියක නිසා ඇය ද අධ්‍යාපන කටයුතුවලට හැමවිටම උදව් කළා. මම ඉගෙන ගත්තේ බ්‍රේල් ක්‍රමයට.

මම උසස් පෙළ විභාග ප්‍රශ්න පත්තර සියල්ලටම පිළිතුරු ලියද්දී ප්‍රශ්න ටික සේරම මට ඇහෙන්න බොහොම පැහැදිලිව කිව්වේ සඳගල විශේෂ අවශ්‍යතා ඇති පාසලේ රේණුකා මිස් තමා. රේණුකා මිස් ප්‍රශ්න කියවද්දී මම ඒවා හොඳින් අහගෙන ඉඳලා බ්‍රේල් ක්‍රමයට පිළිතුරු ලිව්වා. නීති පීඨයට ඇතුළුවෙලා නීතිඥවරියකු වීම‍ට තමා බලාපොරොත්තුව.

මම සෑම නංගිලා මල්ලිලා කෙනෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ කැපවීමකින් උනන්දුවකින් වැඩ කළොත් ජීවිතය ජයග්‍රහණය කර ගන්න පුළුවන් කියලයි. මම උපතින්ම දෘෂ්‍යාබාධිත වුණැයි කියලා නිකම් කාලය ගත කළේ නැහැ. කැප වෙලා අධ්‍යාපන කටයුතු කරගෙන ගියා “යැයි හිමාසා සිසුවිය පැවැසුවා.

විස්සයි20 ලෝක කුසලානයේ කවුරුත් නොදත් සල්ලි මල්ල මෙන්න.

අමෙරිකාවේදී දැන් පැවැත්වෙන නවවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.45 ක් හෙවත් රුපියල් කෝටි 73 කට අධි මුදල් ත්‍යාගයක් පිරිනමන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අ නිවේදනය කළා.

අනු ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.28 ක් හෙවත් රුපියල් කෝටි 38 කට අධික මුදලක් පිරිනමන බව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව සඳහන් කරනවා.

අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන කණ්ඩායම්වලට අමෙරිකානු ඩොලර් 787,500 ක් හෙවත් රුපියල් කෝටි 23 කට අධික මුදලක් බැගින් පිරිනමන බවත් මෙවර තරගාවලියේ ත්‍යාග සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 11.25 ක් හෙවත් රුපියල් කෝටි 337 කට අධික මුදලක් වෙන්කර ඇති බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.

ආණ්ඩුපක්ෂයේ ආරවුලක් හේතුවෙන් මන්ත්‍රී රාජපක්ෂ රෝහලේ.

ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

අද (03) පස්වරුවේ ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

එහිදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මැදිහත් වී එම සිදුවීම සමථයකට පත් කර ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත් මන්ත්‍රී කණ්ඩාම් රැස්වීම අවසන් වී නික්ම යන අවස්ථාවේ පඩිපෙළ මතදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර යළිත්වරක් බහින් බස්වීමක් සිදුව තිබෙනවා.

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් තල්ලු කිරීමට යාමේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇදවැටී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති බව වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කළේ තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග බහින්බස්වීමක් සිදුවුවද තල්ලුකිරීමට උත්සාහ නොකළ බවය.

දෙදෙනාගේ බහින්බස්වීම දුටු ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු ඇදවැටීමට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.