Home Blog Page 33

ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, දෙන්නගෙ පොඩි දූ තාරුකී.

ශ්‍රියන්ත මෙන්ඩිස් – කුසුම් රේණු කියන්නෙ මෙරට කලාවට ගෞරවනීය මතක දායාද කරන ප්‍රවීණ කලා තරු යුවළක්.

නිර්මාණවලින් වගේම මේ යුවළ ගැන ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය නිසාවෙනුත් කවුරු අතරත් කතාබහට ලක්වෙනවා.

ඔවුන් දූලා දෙන්නෙක්ගෙම දෙමාපියන්.

ලොකු දූ නිපුනි ප්‍රේක්ෂා මෙන්ඩිස්.. පොඩි දූ තාරුකී අමායා මෙන්ඩිස්. ඔවුන් මේ වනවිට විවාහකයි.

ගෙවුණු දවසක එක දියණියකගේ, ඒ කියන්නෙ තාරුකී අමායා මෙන්ඩිස්ගෙ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්ව තිබුණා.

ඈ කලාව තුළත් සාර්ථක තාරකාවක් බව නොකියාම බෑ.. හඬකැවීම් ශිල්පිනියක් හැටියට ඇය වඩාත් ප්‍රසිද්ධයි.

ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයේදී ගත් සොඳුරු සේයා රූ එකතුවකි මේ.

බලන්නකො ඒ මූණු ටික… දැක්කාම හිත පිරෙනවා නේද

බීමතින් සිටි අයෙක් බස් රථයක් පැහැරගෙන.

පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි අයෙක් බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව සුසාන භූමිය අසල අතහැර දමා පලා ගොස් ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

පිටස්තර පුද්ගලයකු බස් රථයට ගොඩ වී එය පණ ගන්වා ගෙන ධාවනය කරගෙන යද්දී එහි සිටි සෙසු මගීන් බියට පත් වී මර ලතෝනි දී ඇතැයි ද වාර්තාවනවා.

කොළඹ සහ ත්‍රිකුණාමලය මුතූර් අතර ධාවනය වන මෙම පෞද්ගලික මගී බස් රථය මුතූර් බලා ධාවනය වන අතරවාරයේ පෙරේදා රාත්‍රි නමයට පමණ පහළ වැව හෝටලය අසල ආහාර ගැනීම සඳහා නතර කර තිබෙනවා.

රියැදුරා කොන්දොස්තරවරයා ඇතුළු බස් රථයේ සිටි මගීන්ගෙන් කොටසක් තේ පානය කිරීම සඳහා හෝටලයට ගොස් ඇතැයි පොලිසිය පැවසුවා.

ඒ අවස්ථාවේ ඉබ්බන්කටුව ප්‍රදේශයේ පුද්ගලයකු හෝටලය අසලදී රියැදුරා සහ කොන්දොස්තරවරයා සමග ආරවුලක් ඇතිකරගෙන ඇතැයි වාර්තා වනවා.

බීමතින් සිටි බව කියන මොහු හෝටලයෙන් පිටවී බස් රථයට ගොඩ වී එහි තිබූ යතුරෙන් බස් රථය පණ ගන්වාගෙන මගීන් ද සමග බස් රථය පැහැරගෙන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

මේ බව දුටු බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරා ත්‍රී රෝද රථයක ගොඩවී බලහත්කාරයෙන් රැගෙන යන බස් රථය හඹා යන අවස්ථාවේ ඉබ්බන්කටුව සුසාන භූමිය අසල බස් රථය නතර කර පලා ගොස් ඇතැයි පොලිසිය පැවසුවා.

සජිත් – අනුර දෙන්නම කර අරින ලකුණු.

විවිධ කඹ ඇදීම් හේතුවෙන් සමග ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිතවී ඇතැයි වාර්තා වනවා.

විවාදය සම්බන්ධයෙන් පක්ෂ දෙකේ නායකයන් විවිධ මත පළ කිරීම එම අවිනිශ්චිතතාව මතු වීමට ප්‍රධාන හේතුවක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර සමඟ ජන බලවේගය යෝජනා කළ දින වලින් ආර්ථික කමිටු විවාදයට දෙන දින පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ විවාදය සම්බන්ධීකරණය කරන ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ලිපියක් යොමු කරමිනි.

විවාද දෙක අතරින් ආර්ථික විවාදය පළමුව පැවැත්වීමටත් දෙවනුව නායකත්ව විවාදය පැවැත්වීමත් පිළිබඳ සිය ස්ථාවරය එලෙසම පවතින අතර ආර්ථික කමිටු විවාදයට ලබා දෙන දිනය නොපමාව දැනුම් දෙන ලෙස එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ විවාද සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය කිසිදු වෙනසක් නැති බවයි.

පළමු වනායකත්ව විවාදය පවත්වා ඉන් අනතුරුව ආර්ථික කමිටු විවාදය පැවැත්විය යුතු බව පක්ෂයේ ස්ථාවරය යැයි හඳුන්නෙත්ති මහතා පැවසුවා.

විවාදයට නායකයන් දෙදෙනාම කර අරින තත්ත්වයක් පෙනෙන්නට ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරනවා.

නැති වූ බෑගය සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 15ක්.

ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක වීඩියෝවක් කිරීම සඳහා මෙරටට පැමිණි එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20,000ක පමණ වටිනා දේපල අඩංගු බෑගයක් කිසිවෙකු විසින් පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පලේ බස් රථයකින් සොරකම් කර තිබෙනවා.

එම බෑගය තුල ලැප්ටොප් පරිගණකයක්, කැමරාවක්, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රයද තිබී ඇති බවයි පිටකොටුව පොලීසිය පවසන්නේ.

එම බෑගය සොයා දෙන්නෙකුට හෝ තොරතුරක් දෙන්නෙකුට ඇමරිකානු ඩොලර් 5000ක මුදලක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 15කට ආසන්න ත්‍යාග මුදලක් ලබා දෙන බවයි එම තරුණිය වන ස්කයිබ් නකෝමන් පවසා සිටින්නේ.

ඇල්ල බලා යාමට කොටුව දුම්රියපොල වෙත ගොස් දුම්රිය අවලංගු වීම හේතුවෙන් පිටකොටුව බස් නැවතුම්පොල වෙත පැමිණ බස් රථයට නැග මඳ වේලාවකදි දේපළ අඩංගු බෑගය සොරාගෙන ඇතැයි පොලිස් විමර්ශණවලදි අනාරණය වී තිබෙනවා.

ඇයගේ බෑගය සොරාගන්නා අයුරු බස් රථයේ සවිකර ඇති CCTV කැමරාවේද සටහන් වී තිබෙනවා.

“අන්ඩර් ද සේම් ස්කයි” නමින් යූටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයිබ් නකෝමන් නැමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් වන අතර ඇය පසුගිය 24 වෙනි දින මෙරට සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය විමර්ශණ සිදුකරමින් පවතිනවා.

පැල්මඩුල්ලේ බස් අනතුරක්. 27 ක් රෝහල්.

කොළඹ ඇඹිලිපිටිය සහ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය පසුකර මිටර් පන්සියයක් දුරින් පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් අද අලුයම අනතුරක් සිදු වුණා.

එහිදී පුද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන් හේතුවෙන් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඇඹිලිපිටියේ සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් බසයේ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇත.

අනතුර වැළැක්වීම සඳහා බසය මාර්ගයෙන් ඉවතට ගැනීමට රියදුරු උත්සාහ කිරීමේ දී පස බුරුල් වී තිබීම නිසා බසය අසල තිබූ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ 07 දෙනෙකු රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් 20 දෙනෙකු කහවත්ත රෝහලට ඇතුළත් කර තිබේ.

ආණ්ඩුවට ගත් “අගුලානේ කුඩු සනාගේ” කෝටි තිහකට වැඩි දේපළ.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බන්ධනාගාර ගතව සිටින “අගුලානේ කුඩු සනා” නැමැත්තාට අයත් උපයා ගත හැකි ආකාරය දැක්විය නොහැකි වූ හොරණ කෝරළඉම සහ මොරොන්තුඩුව කුඩා ගෝණදූව ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි තිහකට වැඩි වටිනා දේපල අධිකරණය නියෝග මත පවරා ගැනීමට කටයුතු කල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් පිලිබද විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකය පවසනවා.

එලෙස පවරා ගත දේපළ අධිකරණය මගින් ලබා ගත් නියෝග මත ඒ ඒ දේපළ පිහිටි බල ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම්වරුන් භාරයට ලබා දීමට කටයුතු කල බව ද එම ඒකකය පවසනවා.

මෙරට ප්‍රධාන පෙලෙහි මත් ජාවාරම්කරුවකු වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ සමීපතමයෙකු වන “අගුලානේ කුඩු සනා” නැමැත්තා සහ සැකකරුගේ මව (කුඩු ශ්‍රිමති) සැකකරුගේ බිරිඳ සහ සහෝදරයා (අගුලානේ පොඩි මෑන්) යන පවුලේ සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවසිටින අය බවත් සියලු දෙනාටම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා වී තිබූ බවටද අනාවරණය වී තිබෙනවා.