දෝලාවකින් රැගෙන ගිය විදුහල්පතිනිය.

වව්නියාව පුදුකුලම ප්‍රාථමික විද්‍යලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා.

එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන යෑමට කටයුතු කර තිබෙනවා..

විදුහල්පතිනිය විද්‍යාලයේ සේවය කළ අවස්ථා කිහිපයකදීම වවුනියාව දිස්ත්‍රික්කයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල විද්‍යාලයට ලබාදීමට කටයුතු කළ බව දෙමාපියන් පවසනවා.

කිසිදු අතිරේක ආර්ථික ප්‍රතිලාභයක් නොලබා විද්‍යාලීය දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට විදුහල්පතිනිය නිරතුරුව කටයුතු කළ බැවින් විදුහල්පතිනිය විශ්‍රාම යන දිනයේ තමන්ගේ කර මතින් රැගෙන යාමට කටයුතු කළ බවද දෙමාපියන් තවදුරටත් සඳහන් කර තිබෙනවා.

මුදල මතම යැපෙන සමාජයක තම වැටුපෙන් කොටසක්ද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට විදුහල්පතිනිය ඇතැම් අවස්ථාවල කටයුතු කොට ඇති බවද වාර්තා වනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *