Fri. May 3rd, 2024

රජය විසින් රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන්නේ නම් භාවිත කරන ලද වාහන ආනයනය කිරීමටද වැඩි ඉඩක් ලබා දිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ ඉල්ලා සිටියේ අවසන් වරට වාහන ආනයනයේ දී පාවිච්චි කරන ලද වාහන සඳහා ලබා දුන් වසර 3 වසර 7ක් දක්වා හෝ ඉහළ දමන ලෙසයි.

භාවිත කළ වාහන ආනයනය කළහොත් අලු‍ත් වාහනවලට වඩා අඩු මිලකට ලබා දිය හැකි බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ තුළින් රජයට හිමිවන බදු ආදායමේ වෙනසක්ද සිදු නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැවසීය.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *