බොරතෙල් මිල ඉහළට.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (22) යළි අමෙරිකානු ඩොලර් 80ක සීමාවට ළඟා වුණි.

පසුගිය නොවැම්බර් 30 වනදාට පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කරමින් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 79.85ක් ලෙස සටහන් විය.

මේ අතර, රතු මුහුදේ ඉන්ධන ප්‍රවාහනයට හවුති කැරලිකරුවන්ගේ බලපැම් ඉහළ ගියහොත් තවදුරටත් එය ලෝක තෙල් මිලට බලපෑම් එල්ල කරනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *