Mon. May 20th, 2024

ට්‍රෙක් ට්‍රෙන්ඩි’ නමින් සංචාරක විස්තර පළ කරන ජනප්‍රිය යූටියුබ් තරුවක් වන වන විල් ඩේවිස්, ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීමේ ක්‍රමයට අදාළ දත්ත කඩ කිරීමක් ගැන අනතුරු ඇඟවීමක් කරමින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ විස්තරයක් පළ කර තිබෙනවා.

ඔහුට VFS Global වෙතින් අනෙකුත් අයදුම්කරුවන්ගේ විස්තර අඛණ්ඩව ලැබෙන බව හෙළිකර තිබීම විශේෂත්වයක්.

තමන් නාඳුනන වෙනත් වීසා අයදුම් කළ පුද්ගලයින්ගේ සම්පූර්ණ නම්, ලිපිනයන් සහ විදේශ ගමන් බලපත්‍ර විස්තර වැනි සංවේදී පුද්ගලික තොරතුරු සහිත සංචාරක වීසා අඩංගු දෛනික ඊමේල් පණිවිඩ තමා වෙත ලැබෙන බවත් ඔහු හෙළිකර තිබෙනවා.

ඔහුගේ වීසා බලපත්‍රය බොහෝ කලකට පෙර අනුමත කර ඇති එකක් බවත් මෙම දත්ත එන්නේ මෑතක සිට බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

“ඔබට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා වීසා ගැටලුව මතක ඇති. හොඳයි, මගේ එක බොහෝ කලකට පෙර අනුමත කර ඇති එකක් ඒත්, සෑම දිනකම මට වෙනත් අයගේ සංචාරක වීසා සම්පූර්ණ නම්, ලිපිනය සහ විදේශ ගමන් බලපත්‍ර තොරතුරු සමඟ මට විද්‍යුත් තැපැල් පණිවිඩ ලැබේ. මෙය හොඳ දෙයක් වන්නේ කෙසේද? මම මේවා නැවැත්වීමට උත්සාහ කරන්නෙමි. නමුත් එය මොනතරම් විශාල දත්ත උල්ලංඝනයක්ද? ” යනුවෙන්

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *