Mon. May 20th, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් 5565 ජයන්ත ගුණවර්ධන යන අය ඝාතනයට ලක්වී ඊයේ දිනට වසර 02 ක් සම්පුර්ණ වුණා.

එම ඝාතනයට වසර 02 ක් සපිරෙන දිනයේ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියාගේ නමින් සවිකර තිබු මාර්ග පුවරුව පිරිසක් විසින් කඩා ඉවත් කර තිබෙන බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිද විසින් පොලිස්පතිවරයා වෙත දුරකථන ඇමතුමකින් දැනුම්දීමෙන් පසුව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මැදිරිගිරිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශනක් ආරම්භ කර ඇති අතර එම පුවරුව නැවත සකස් කිරීමටද පියවර ගෙන තිබෙනවා..

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *