“මම ඉවත් වෙන්නේ නෑ…”-මහ බැංකු අධිපති

තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (26) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු  අධිපතිවරයා මේ බව පැවසීය.

“මම පැහැදිලිව කියන්න ඕනේ, මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම නිසා මම ඉවත්වෙලා යන්නේ නෑ. ඒක ඉතාම පැහැදිලියි. මම යනවා නම් යන්නේ, මේ රස්සාවෙන් රටට කරන දේ කරන්න බැරි නම් පමණයි. ආයතනයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ආයතනයේ ප්‍රධානියා විදියට මට වගකීමක් තියෙනවා. ඒ දේ මම කළා. ඒ නිසා මම දකින්නේ නෑ මේක මට ඉවත් වෙන්න හේතුවක් කියලා. අනිත් එක මේක මුදල් මණ්ඩලය පමණක් නෙමෙයි මේ තීරණය ගන්නේ වෘත්තීය සමිති එක්ක කතා කරලා එකඟවෙලා වසර තුනක් සඳහා සාමුහික එකඟතාවයකින්. මේකේ වෙනස තියෙන්නේ, අනෙකුත් තීරණ අපේ පරිපාලනය හා මුදල් මණ්ඩලයේ තීරණ ආර්ථිකය සම්බන්ධයෙන්… ඒක වෙන කෙනෙක් එක්ක එකතු වෙලා කතා කරන්න දෙයක් නෑ. මේක සේවකයින් වෙනුවෙන් සාමුහිකව ගත්තේ දෙගොල්ලෝම එකතු වෙලා. ඒකයි මෙතෙන වෙනස. මම හිතන්නේ නෑ ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් තියෙනවා කියලා.”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *