Mon. May 20th, 2024

මංගල දැන්වීමකින් දැන හඳුනාගෙන විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටී 67 හැවිරිදි පුද්ගලයෙකු ට තර්ජනය කර බිය ගන්වා රුපියල් ලක්ෂ 69 මුදලක් බලහත්කාරයෙන්බැංකු ගිණුමක තැන්පත් කර ගත් බව කියන  57 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි.

තමාගේ පියයුරේ නහරයක් පුපුරා ගොස් ඇති නිසා එය ශල්‍යකර්මයකින් නැවත සකස් කර ගැනීමට බව කියා මෙම මුදල සැකකාර කාන්තාව ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

මේ සඳහා ආධාර අනුබල දුන් බව කියන අවුරුදු 26ක සහ අවුරුදු 32 ක වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම කාන්තාව සමඟ සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය කියයි. සැකකාරිය මහනුවර ගන්නෝරුව  ප්‍රදේශයේ ද සැකකරුවන් දෙදෙනා  පේරාදෙණිය, ඊරියගම සහ මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

නිට්ටඹුව පොලිස් වසමේ පදිංචි කර්මාන්තශාලාවක සහකාර නිලධාරියෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින 67 හැවිරිදි පුද්ගලයකු මීට වසර 8 කට පමණ ඉහතදී බිරිඳගෙන් දික්කසාද වී ඔහුගේ සහෝදරියකගේ නිවසේ පදිංචිව සිටින අතරේ මෙම දැන්වීම පළකර ඇතැයි පොලීසිය කියයි.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *