Home Blog Page 40

පෙම්වතා හමුවෙන්න ගිය 12 හැවිරිදි පාසල් සිසුවියට සිදුවූ දේ

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපරාධ බොහොමයක් මේ වන විට වැඩිවෙමින් පවතී. මුහුණු පොත හරහා නන්නාදුනන තරුණයන් සමග පෙම් සබදතා වල පැටලෙන පාසල් සිසුවියන් මුළු ජිවිතයම විනාශ කරගන්නා අවස්ථා බොහොමයි. එවැනි හද කම්පා කරවන සිදුවීමක් පාදුක්කෙන් අසන්නට ලැබුනා. ඒ 12 හැවිරිදි පාසල් සිසුවියක් ගැනයි. මේ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

ඉරාන ජනාධිපති මියගිය බව තහවුරුයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබේ.

2025 සිට ලන්ච් ෂීට් තහනම්.

ලබන වසරේ (2025) සිට ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.

ඒ අනුව ලබන වසරේ සිට ලන්ච් ෂීට් නිෂ්පාදනය, ආනයනය, අලෙවිය තහනම් කිරීමට අදාළ නීතිමය කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කරන්නේය. 

මෙම නීතියට අනුව, දිරන ලන්ච් ෂීට් නිෂ්පාදනය, ආනයනය කිරීමට ද නොහැකි බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පැවසීය. පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් නිෂ්පාදනය, අලෙවිය ඉකුත් 2021 වසරේ අගෝස්තු මස පළමුවැනිදා සිට තහනම් කෙරුණු අතර, එදින සිට ජෛව සායනික ලන්ච් ෂීට් (Biodegradable) භාවිතය අනිවාර්ය කෙරිණි.

නමුත් තත්ත්වයෙන් බාල ලන්ච් ෂීට් අලෙවිය දිගින් දිගටම සිදුවන හානිය ඉහළ යාම හේතුවෙන්, ලන්ච් ෂීට් සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු යොදා ඇත.

ඉරාන ජනාධිපතිගේ හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය හමුවේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා.

එහිදී තත්ත්වය එතරම් “‍යහපත්” මට්ටමක නොවන බවට ඉරානයේ Red Crescent සමාජයේ ප්‍රධානියා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරයක් කඩා වැටුණු ස්ථානය සෙවීමට තුර්කි ඩ්‍රෝන යානයක් එරට නැගෙනහිර අසර්බයිජාන් පළාතේ කඳුකර ප්‍රදේශයට යොමු කර ඇති අතර අනතුරුව උණුසුම් තාප ප්‍රභවයක් සහිත ස්ථානයක් හඳුනා ගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ තුර්කි ප්‍රවෘත්ති ඒජන්සිය සදහන් කර තිබුණා.

මේ අනුව දැවෙන ස්ථානයක් හඳුනාගෙන ඇති අතර, තාවිල් ලෙස හඳුන්වන එම ප්‍රදේශයට ගලවා ගැනීමේ හමුදා යවා තිබෙනවා.

ඝන මීදුම සහ අධික ශීතල සහිත දුෂ්කර කාලගුණික තත්ත්වයන් යටතේ කඩා වැටුණු ස්ථානය සොයා ගැනීම සඳහා සෝදිසි කිරීමේ උත්සාහයන් සඳුදා රාත්‍රිය පුරා සහ මේ දක්වා අඛණ්ඩව සිදු වනවා.

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ ටවිල් ගම්මානය අසල හෙලිකොප්ටර් අනතුරට ලක් වූ ප්‍රදේශයේ අවම වශයෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් 73 ක් මෙහෙයුම් සදහා එක් කර ඇතැයි ද රතුකුරුස සංවිධානය සදහන් කරනවා.

මනමාලිවත් පෝරුවේ තනිකරලා මනමාලයා කරපු වැඩේ.

ඉන්දියාව කියන්නේ ක්‍රිකට් උන්මත්තකයන්ගෙන් අඩුවක් නැති රටක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.

ඒ නිසා ක්‍රිකට් වෙනුවෙන් ඉන්දියාවේ හරි හරියට අමුතු අමුතු දේවලා සිද්ධ වෙනවා.

මේ කියන්නෙත් ඒ වගේ කථාවක්.

ලංකාවේ අපිත් අයි.පී.එල්. තරගාවලියේ ඒ ඒ කණ්ඩායම් අනුව බෙදිලා ඉන්නවා.

නුවන් තුෂාර ගහන හන්දා අපේ සමහරු මුම්බායි ඉන්දියන්ස්ට සපෝට් කරනවා.

මතීෂ පතිරණයි, මහිෂ් තීක්ෂණයි චෙන්නායි වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා අපිනම් චෙන්නායිට කියනවා.

ඒ වගේ මේ දවස්වල ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේත් සියලු ඇස් යොමුවෙලා තියෙන්නේ තමන්ගේ ප්‍රාන්තය නැතිනම් තමන් ප්‍රියකරන කණ්ඩායම දිනන බලාපොරොත්තුවට.

මේ පාර අයි.පී.එල්. තරගාවලියේ අතිශය තීරණාත්මක තරගයක් චෙන්නායි හා බැංගලෝරු අතර ඊයේ (18දා) පැවැත්වුණා.

ඒ තරගයෙන් අගනා ජයක් ලැබීමට බැංගලෝරු කණ්ඩායම් සමත් වූ අතර, ඔවුන් ප්ලේ ඕෆ් වටයේ සිය ස්ථානයත් වෙන්කරගත්තා.

මේ තරගය පැවැත්වෙද්දී, ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක විවාහ උත්සවයක්ද පැවැත්වුණා.

ඒ උත්සවය උග්‍ර බැංගලෝරු ක්‍රීඩා ලෝලීන්ගේ විවාහ උත්සවයක් කිව්වත් වරදක් නැහැ.

ඔවුන්ගේ උද්යෝගය කොතෙක්ද කියනවානම්, විවාහ උත්සවයේ ප්‍රධාන වේදිකාවට පසෙකින් පුළුල් රූපවාහිනියක ඒ වනවිට පැවැත්වෙමින් තිබූ බැංගලෝරු – චෙන්නායි තරගය මංගල සාදයට පැමිණෙන අයට නැරඹීමට සලස්වා තිබුණා.

එහි බොහෝ දෙනෙකුගේ අවධානය තිබුණේද, එම උත්සවයට වඩා ඒ තරගයට.

එහි විශේෂත්වය වූයේ තරගය නරඹන්නන් අතර ඉදිරියෙන්ම සිටියේ මනමාලයා වීමයි.

ඒ වනවිට පැමිණෙන හිතමිත්‍ර ආදීන් මනාල යුවල සමග ඡායාරූප ගැනීමේ අවස්ථාව යෙදී තිබුණත්, මනමාලයට ඒ සියල්ලට වඩා අංක එක වී තිබුණේ බැංගලෝරු ජය.

ඒ හේතුවෙන් ඔහු මනමාලිවත් අමතකර යාළුවෝ සමග තරගය නරඹමින් සිටියා.

ඒ හේතුවෙන් ඔහුව බලෙන්ම නැවත හරවා යැවීමට සිදු වූ අතර, එලෙස යද්දී “කසාදෙනෙම් කොයිවෙලේ කරගන්න බැරිද, ඒ වගේද කෝලිලා දිනනවා බලන එක” යනුවෙන් කියා යන්නට ඇතැයි වීඩියෝ නරඹන ඕනම කෙනෙකුට සිතෙනු ඇත.

සජබ මාලිමාවට දින ලබාදෙයි.

සමගී ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කරමින් සමගි ජන බලවේගය විසින් ලිපියක් යවා තිබෙනවා.

සමඟි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ඒ සඳහා වන ලිපිය යවා ඇති අතර එහි දැක්වෙන්නේ පළමුව දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පළමුවෙන් තැබිය යුතු බවයි

ඒ අනුව ඒ සඳහා මැයි මස 27, 28, 29, 30,සහ 31 යන දිනයන් යෝජනා කර ඇති අතර ඉන් පහසු දිනයක් තෝරා ගන්නා ලෙස ජාතික ජන බලවේගයට දැනුම් දී තිබෙනවා.

මේ අතර දෙපාර්ශවයේ නායකවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසනයාක අතර විවාදය සඳහා ජුනි මස 3, 4, 5, 6, හෝ 7 අතර දිනයක් තෝරා ගැනීමට යෝජනා කර ඇත්තේ.

එසේම එම විවිවාද දිනයන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.

ඉරාන තානාපතිව අනතුරට ලක්කළ කොළඹ හතේ ව්‍යාපාරිකයා.

ඉරාන තානාපති A. Delkhosh මහතාට පහරදී ඔහු මෝටර් රථයේ බොනට්ටුව මතට වැටීමෙන් අනතුරුව මීටර් 15ක් පමණ ඉදිරියට ධාවනය කර අනතුරට ලක්කල කොළඹ හතේ ව්‍යාපාරිකයෙකු ව අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලීසිය පවසනවා.

තානාපතිවරයා කොළඹ 02 මුත්තයියා පාර ප්‍රදේශයේ පිහිටි සාප්පු සංකීර්ණයක රථගාලට සිය රථය ඇතුළු කරන අවස්ථාවේදී තවත් මෝටර් රථයක රියදුරෙක් සමග ආරවුලක් හටගෙන තිබුණා.

එහිදී එම පුද්ගලයා තානාපතිවරයාට පහරදී එම ස්ථානයෙන් පළායාමට උත්සාහ දරා ඇතැයි පැවසෙනවා.

එහිදි තානාපතිවරයා සිය මෝටර් රථයෙන් බිමට බැස පළා යාමට උත්සාහ දරමින් තිබූ මෝටර් රථයේ බොනට්ටුවට අත තබාගෙන පොලිස් නිලධාරීන් පැමිණෙනතුරු සිටින ලෙස මෝටර් රථයේ රියදුරට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු විසින් මෝටර් රථය පණ ගන්වා ඉදිරියට ධාවනය කර ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එම අවස්ථාවේදී තානාපතිවරයා බොනට්ටුව මතට වැටී ඇති අතර සැකකාර ව්‍යාපාරිකයා, තානාපතිවරයාද සමග මෝටර් රථය මීටර් 15ක් පමණ දුරට ධාවනය කර නවතා ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැමිණ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 07 වෝඩ් පෙදෙසේ පදිංචි වයස අවුරුදු තිස්තුනක පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කළා.