දේවමෙහෙයක් අතරතුර කාන්තාවක් හදිසියේ මි#යයයි

මදුරන්කුලිය දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ එම කාන්තාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි.

අදාළ කාන්තාව දීර්ඝ කාලයක සිට හෘදරෝගයකින් හා සෙම් රෝගයකින් පෙළී ඇති අතර, රෝග සුවකර ගැනීම සඳහා ඇය විසින් රැගෙන ආ ජලය දේවගැතිවරයා විසින් යාඥා කර නැවත එම කාන්තාවට බීමට ලබාදීමෙන් පසුව ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව ද අනාවරණය වී තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *