QR කේතය සහිත නව හැඳුම්පතක්.

පවතින ජාතික හැඳුම්පතට වඩා හොඳ හඳුනුම්පතක් ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ජාතික හැඳුම්පතේ ඇති බාර් කෝඩ් එක ඉවත් කර ඒ වෙනුවට QR කේතයක් සහිත නව හැඳුම්පතක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා දැනටමත් ටෙන්ඩර් විවෘත කර ඇති බවත් ඔහු පැවසුවා.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේතුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාවී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නවීන පහසුකම් වලින් සමන්විත මෙම කාර්යාලය මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව මෙන්ම විදේශ ගමන් බලපත්‍ර සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීමද සිදුකරනු ලබනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *